A tasty Sri Lankan brinjal moju (Vambatu moju).
INGREDIENTS (අවශ්‍ය ද්‍රව්‍ය):
- වම්බටු 1kg
- කුඩා රතු ළූණු 500g
- සිහින් කුඩා අමු මිරිස් 250g
- කරපින්ච්චා කෝප්ප 1
- කුඩා වියළි හාල් මැස්සන් 250g
- පොල් විනාකිරි කෝප්ප 1
- අබ ඇට මේස හැදී 2
- ගම්මිරිස් ඇට මේස හැදී 1.5
- කහ තේ හැදී 2
- ලුණු රස අනුව
- සීනි තේ හැදී 2
- සුදු ලුණු බික් 2
- ඉගුරු අගල් 1 පමණ කෑල්ලක්
- තෙල් බෝතල් 1
METHOD (සාදාගන්නා ආකාරය):
- පොල්තෙල් බෝතලය තාච්චියට දමන්න.
- වම්බටු අගල් 3 ක පමණ සිහින් තීරු වලට කපා ගන්න. කහ තේ හැදී 2 දමා විනාඩි 5ක් තියන්න.
- අමු මිරිස් නැටි පිටින්ම මැදින් පිහියෙන් සිහින් කැපුමක් දමා පිළියෙළ කර ගන්න.
- වියලි හාල් මැස්සන් කහ ටිකක් සහ දෙහි ඇඹුල් ටිකක් දමා තබා ගන්න.
- ඉගුරු සහ සුදුලුනු යන්තමට තලා ගන්න.
- අබ ටික විනාකිරි තේ හැන්දක් දමා හොදින් අබරා ගන්න.
- ගම්මිරිස් ටික කුඩු කර ගන්න.
- වම්බටු ටික හොද රන්වන් පැහැය එන තෙක් ගැබුරු තෙලේ බැද ගන්න.
- එම තෙලටම රතු ලුණු ටිකක් දමා බැද ගන්න.
- එම තෙලටම අමු මිරිස් ටිකක් දම බැද ගන්න.
- එම තෙලටම කරපින්ච්ච , ඉගුරු සහ සුදුලුණු දමා බැදගන්න.
- අවසානයට වියලි හාල් මැස්සන් බැද ගන්න.
- ඉගුරු සහ සුදුලුනු හැර අනෙක් බැදගත් ද්‍රව්‍ය අලුත් පත්තර කඩදාසි කීපයක ඔතා තෙල් ඉවත් වෙන්නට තබන්න.
- පැය 3කට පසුව මැටි හට්ටිය ගෙන එයට විනාකිරි දමා රත් කරන්න.
- විනාකිරි රත් වූ පසු ලිපෙන් පිටතට ගෙන තරමක් නිවෙන්නට තබා එයට බැදගත් ඉගුරු , සුදුලුනු , අබරාගත් අබ , කුඩු කරගත් ගම්මිරිස් , සීනි සහ ලුණු එකට දමා හොදින් මිශ්‍ර කරන්න.
- විනාඩි 5ක් තබා මේ විනාකිරි මිශ්‍රණයට අපි පාර්සල් කර තැබූ වම්බටු , රතු ලුණු , අමු මිරිස්, කරපින්ච්ච සහ වියලි හල්මස්සන් එක් කර හොදින් මිශ්‍ර කරන්න.
- තව පැය 2ක් පමණ හට්ටියේ තියෙන්නට හරින්න.